- සුනිල් එදිරිසිංහ -

මේ තරම් සියුමැලිද කළු ගල්
සිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා//
කළා වැව ළග ඉලුක් සෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා//
ඉසුරුමුණියේ නුබ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා අසු විට හිනැහුණා ඔහු
තවම තනිකඩ යැයි කියා//
මේ තරම්.....