- සුනිල් එදිරිසිංහ -
සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැඟුම් ගනී
කැලතුනු රසයක ආ බුබුලක් අකුරු වැලක් දෙහදක් ලියවෙයි
යුගයෙන් යුගයට නොමියන දහනක ගීයක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී
සියුමැලි කැකුලක් මැලවෙද්දී
දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩට ගෙන යන බින්දු
ගව්වක් ඉහලට ගොනුකොට රදවා පොපියන දෙතොලක් එහි කැනහ
අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ මුහුවුණු බිංදු
ඈ ගෙන යද්දී නටබුන් අතරේ තවකෙක් ඈ වෙත හද රැන්දු
තවකෙක් ඈ වෙත හද රැන්දු
හදවිල ඉපැදුනු කැකුළක් නොතලති නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත්සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කදුළු අරා
රුවන් විමානෙන් පියබා එන තුරු පොපියන හදවත සිටියි බලා
පොපියන හදවත සිටියි බලා
hodai ne
ReplyDelete